gossiplanka alexa ශ්‍රී ලංකාවේ විශාලතම කුඩු මධ්‍යස්ථානය වැටලූ සුපිරි මෙහෙයුම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ විශාලතම කුඩු මධ්‍යස්ථානය වැටලූ සුපිරි මෙහෙයුම

දෙහිවල, කවුඩාන පාරේ සුපිරි දෙමහල් නිවසකදී රුපියල් කෝටි 440 කට අධික වටිනාකමින් යුත් මත් කුඩු කිලෝග‍්‍රෑම් 275 ක් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට හැකි වී තිබෙනවා
. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ මාධ්‍යයට පැවසුවේ මෙම සුපිරි දෙමහල් නිවස මොවුන් ලංකාවටම මත් කුඩු බෙදාහරින ප්‍රධානතම ගබඩාව ලෙස භාවිත කර ඇති බවයි.

මෙම මත් කුඩු මොවුන් විසින් ඇෆ්ගනිස්‌ථානයේ සිට නැව් මගින් සහ ගුවන් මගින් ගෙන්වා පසුව වාහන වලින් සුපිරි දෙමහල් නිවසට රැගෙනවිත් ගබඩා කර ඇතැයි වැඩිදුරටත් හෙළි වී තිබෙනවා. එසේම මාස කීපයක සිට කුලී පදනම මත මේ නිවසේ හිඳිමින් ඔවුන් මෙම මහා පරිමාණ මත් කුඩු ජාවාරමේ නියෑළී ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා මත් කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් කොළඹ සුපිරි නිවාස හා ගොඩනැඟිලි පවා මිලදී ගෙන ධනවතුන් බවට පත්ව තිබේ.

වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී තිබෙන්නේ මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා අවුරුදු 35 හා 38 වයසේ පසුවන අය බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu