gossiplanka alexa ලක්ෂ 10කට වෙළඳපළට එන අලුත්ම මරුටි ඉලෙක්ට්‍රික් කාර් එක මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලක්ෂ 10කට වෙළඳපළට එන අලුත්ම මරුටි ඉලෙක්ට්‍රික් කාර් එක මෙන්න



මරුටි මව් සමාගම වන සුසුකි හා ටොයෝටා සමාගම් ද්විත්වය පසුගිය සිකුරාදා වසර 2 ක කාලයක් තුළ දී පළමු "මරුටි ඉලෙක්ට්‍රික්" මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 10 ක් පමණ වනු ඇති බවයි ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉන්දියානු වෙළෙඳපොළ සඳහා විශේෂ වූ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සුසුකි හා ටොයෝටා සමාගම් අතර අත්සන් තබන ලද මෙම ගිවිසුමට අනුව සුසුකි විසින් නිපදවනු ලබන අතර ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ටොයෝටා විසින් ලබා දීමට නියමිතව ඇත.

2030 වන විට ඉන්දියාවේ භාවිත වන සියලූම වාහන ඉලෙක්ට්‍රික් ඒවා විය යුතු බවට ප්‍රතිපත්තිමය සැලැස්මක් මීට පෙර ප්‍රකාශයට පත් වූ අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේ 2040 වන විට ශ්‍රී ලංකාවේද භාවිතා වන සියලු වාහන ඛනිජමය ඉන්ධන නොවන බලශක්ති මගින් ධාවනය වන ඒවා බවට පත් කරලීමට සැලසුම් කරනු ලබන බවය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu