gossiplanka alexa අගමැති රනිල් වික්‍රමසිංහ ගිංතොට ගැටුම ගැන සොයා බලන්න ගිහින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැති රනිල් වික්‍රමසිංහ ගිංතොට ගැටුම ගැන සොයා බලන්න ගිහින්


අගමැති රනිල් වික්‍රමසිංහ ගිංතොට ගැටුම ගැන සොයා බලන්න ගිහින්
තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් දේපළවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කරන කරන බව සහ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් පොලීසියට දැනුම් දී ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19දා) පැවසීය.

ඒ පසුගියදා ගිංතොට ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැතිවරයා එහි ගිය අවස්ථාවේදීය. මෙහිදී හානියට පත් නිවාස හා වෙළෙඳසැල් කිහිපයක්
අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.එහිදී සිංහල හා මුස්ලිම් දෙපිරිසක් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වූ අතර අගමැතිවරයා විසින් මහහපුගල විදානගොඩ ප්‍රදේශයේ ප්‍රහාරයට ලක්වූ නිවසක්  පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.

'' සමහරුන් පවසනවා අපේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු ද මෙම ප්‍රශ්නයට සම්බන්ධ වී සිටින බව. එවැනි අයටත් අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. ඒ වගේම අපි ග්‍රාම නිලධාරීවරුන් මගින් මේ හානි පිළිබඳව වාර්තාවක් අරගෙන එය තක්සේරු කර රජය මගින් වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරනවා. දැනට පොලිස් වාර්තා නොතිබුණා කියා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ.

සියලු දේ සම්බන්ධයෙන් මා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාටත්, නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාටත් අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන අතර දැන් අපට අවශ්‍ය වන්නේ මේ තත්ත්වය පාලනය කර සාමය ඇති කරන්නයි. මේ ගමේ දෙපිරිසම සමගියෙන් ජීවත්විය යුතුයි. සමගිය යළි ඇතිකිරීම සිදුකරමින් යන අතර පිටතින් එන පුද්ගලයන් මේවගේ ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීම සඳහා අපි පොලිස් හා හමුදා ආරක්ෂාව යොදා තිබෙනවා. මේ ප්‍රදේශයට පමණක් අවශ්‍ය නම් ඇඳිරිනීතිය පනවන්න කියා අදාළ අංශ වලට අපි උපදෙස් ලබාදී තිබෙනවා."


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu