gossiplanka alexa ආදාහනාගාරවල මෘත ශරීර ගොඩ ගැසේ, සති දෙකක් රට වසා දමන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආදාහනාගාරවල මෘත ශරීර ගොඩ ගැසේ, සති දෙකක් රට වසා දමන්න

කොවිඩ් ආසාදිත වීම නිසා සෞඛ්‍ය සේවකයින් බොහෝ පිරිසකට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා රෝහල්වල මේ වන විට අදාළ කටයුතු පවත්වාගෙන යාමේ අසීරුතාවයක් පැන නැගී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඉදිරි සති දෙක තුළ ලංකාව ද ඉන්දියාවේ තත්ත්වයට නොදෙවෙනි වනු ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. 

කොවිඩ් ආසාදිතව මිය යන රෝගීන් ගණන වැඩි නිසා මෘත ශරීර ආදාහනාගාරයන්හි ද තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. 

දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය යම් තාක් දුරකට හෝ මර්දනය කිරීමට නම් රට අනිවාර්යයෙන් සති දෙකක් හෝ වසා දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. තම සංගමය මුල සිටම අනතුරු ඇඟවීම් කල ද එය නොසලකා හැර කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා තිබෙනවා. 

ආර්ථිකයට හානිවේයැයි බියෙන් රට වසා නොදැමුවහොත් කොරෝනා වසංගතයෙන් ඇතිවන බලපෑම නිසා ඇතිවන ආර්ථික හානිය ඊට වඩා ප්‍රභල වනු ඇති බවයි සභාපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu