gossiplanka alexa අපරාධ කල්ලි සාමාජිකයින් වටලන ක්‍රියාන්විතයේ අළුත්ම තත්ත්වය - පොලිස් නිලධාරීන් 11ක් අත් අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපරාධ කල්ලි සාමාජිකයින් වටලන ක්‍රියාන්විතයේ අළුත්ම තත්ත්වය - පොලිස් නිලධාරීන් 11ක් අත් අඩංගුවට

https://www.gossiplanka.com/2020/07/arrest-under-world-members.html
පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි  උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක්, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා පිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමත් සමඟම තවත් තොරතුරු ‍රැසක් අනාවරණය වෙමින් පවතිනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය යළි ජාවාරම්කරුවන්ටම විකුණූ බවට ඔවුන් චෝදනා ලැබ සිටියා.

ඒ අනුව තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටිනවා.

එසේම සංවිධානාත්මක අපරාධ කල්ලි සොයා පවත්වන මෙහෙයුම් ප්‍රදේශ ‍රැසක් ඔස්සේ තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

වැල්ලේ සුරංග නම් අපරාධකල්ලි සාමාජිකයාගේ ළඟම හිතවතෙක් වන සුරාජ් නිමන්ත නොහොත් නිමේෂ් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර පොලිසීය විසින්. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් ග‍්‍රෑම් එකයි මිලි ග‍්‍රෑම් 150 ක් ද  තිබී ඇති බවයි වාර්තා වන්නේ.

තවද අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛගේ ගෝලයෝ දෙදෙනෙක්ද පෑලියගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 04 යි මිලිග‍්‍රෑම් 500 ක් ද සමඟයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මීගොඩ නවමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමක දී නිවසක තිබී අවි ආයුධ කිහිපයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. උජිත් නානායක්කාර නැමැති පුද්ගලයා මෙහි දී අත් අඩංගුවට පත් වී ඇති අතර එම නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ඊට අයත් උණ්ඩ 2 ක්, හිස්කොපු 01 සහ කඩු 02 ක් සොයා ගෙන ඇති බව සඳහන්. මෙම අත් අඩංගුවට පත් පුද්ගලයා මීගොඩ ප‍්‍රදේශයේ ජනතාව බිය වද්දා විවිධ ජාවාරම්වල නිරත වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එසේම අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ ජනතාව බිය වද්දා විවිධ ජාවාරම්වල නිරත වූ සීතාවක පොඩ්ඩාගේ ළඟම හිතවතෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ තවත් කල්ලි සාමාජිකයෙක්ද සමඟයි. ඔවුන් සතුව තිබී ලියාපදිංච්හි නොකල යතුරු පැදි දෙකක් සහ සහ තියුණු ආයුධයක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධී ලෙස මැණික් ගැරීම් සහ පතල් කැණීම් කල තවත් අපරාධ කල්ලි සමාජිකයෙකු ද අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත් අඩංගුවට පත් වී තිබෙනවා. ඔහු සතුව තිබී යුද හමුදා නිල ඇදුම් කට්ටලයක් සහ තියුණු ආයුධ දෙකක් සොයා ගනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu