gossiplanka alexa වෛරසය ගැන චීනය ඇත්ත වසන් කරන බවට කියූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙක් හිටි හැටියේම අතුරුදහන් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරසය ගැන චීනය ඇත්ත වසන් කරන බවට කියූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙක් හිටි හැටියේම අතුරුදහන් වෙයි

ව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනය සත්‍ය තොරතුරු සඟවන බවට චෝදනා නැඟූ සමාජ ජාලා ක්‍රියාකාරීන් තිදෙනෙක් අතුරුදහන්ව ඇති බව විදේස් මාධ්‍ය පවසනවා.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ චෙන් මෙයි, කායි වෙයි සහ කායි වෙයිගේ පෙම්වතිය සහ ටැංග් නැමැති මානව ක්‍රියාකාරිනියකි.

මෙම තිදෙනා පසුගිය 19 වැනිදා සිට අතුරුදහන්ව ඇති බවයි ඒ. එෆ්. ජී. ප්‍රංශ පුවත් සේවය පවසන්නේ.

කෙසේ වෙතත් ඇමරිකාව සෙවිල්ලෙන් පසුවන බවද BBC ප්‍රවෘත්ති සේවය පසුගියදා වාර්තා කර තිබුණා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම වෛරස සම්බන්ධයෙන් චීනය වෙත දැවැන්ත චෝදනාවක් සිදු කළ අතර ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙම වෛරසය චීනයේ රසායනාගාරක නිපද වූ එකක් බවයි.

මේ අතර ඇමරිකානු ලේකම් පසුගියදා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ වුහාන් හි පිහිටා ඇති වෛරස් බැංකුව පරික්ෂා කළ යුතු බවයි.

එහි වෛරස 1500කට අධික ප්‍රමාණයක් ඇති බවත් එය ආසියාවේ විශාලතම වෛරස් බැංකුව ලෙසද සැලකෙන බව ඇමරිකානු ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මීට පෙර අනතුරු ඇඟවූ වෛද්‍ය ලී වෙන්ලියන්ග් හදිසියේම පෙබරවාරි 7 වනදා මියයන අතර ඔහුගේ මියයාම ගැනද මේ වන විට බොහෝ දෙනෙක් අවධානය යොමුව තිබෙනවා.

චීනයේ ප්‍රමුඛ ප්‍රවෘත්ති නාලිකාවක් වන CGTN මෙම මියගිය වෛද්‍යවරයා සමඟ කතා කිරීමට උත්සහ කර නමුත් ඔහුට ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් ඒ අවස්ථාවේ සිදු කිරීමට හැකි වන්නේ නැහැ.

කෙසේ වෙතත් ඊට පසු දින ඔහු මිය ගොස් ඇති බවයි මේ වන විට අනාවරණය වන්නේ.

චීනයේ වුහාන් වලින් ඇරඹි මෙම වෛරසය සම්බන්ධයෙන් ප්‍රකාශයන් නිකුත් කළ ක්‍රියාකාරී මහාචාර්යවරුන් කිහිපදෙනෙක්ම අද වන විට කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වනවා.

මේ අතර කියුෂි නම් පුද්ගලයෙක් ඉකුත් පෙබරවාරි 7 වන දින වුහාන් රෝහල්වල තුල අවුල් සහගත වී තිබු දර්ශණ කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබු අතර ඔහු ද මේ වන විට අතුරුදහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් චීනයේ වෛරසය හේතුවෙන් සමස්ථ මරණ ගණන 2000ක් ලෙස සඳහන් කර තිබුණත් පසුව එය 4000ක් දක්වා එකවර ඉහළ යාම හේතුවෙන් බොහෝ දෙනා එම වාර්තා සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත මිට පෙර ප්‍රකාශ කර තිබුණේ චීනයේ වෛරසය ව්‍යාප්තිය සහ මරණ ගණන සම්බන්ධයෙන් රහසිගත වාර්තාවක් ඇති බවත් එම වාර්තාවට අනුව වුහාන් නගරයේ 40000කට අධික පිරිසක් මියගොස් ඇති බවත් සඳහන් කර සිටියා.

චීනය මේ දක්වා ඇමෙරිකාව විසින් දිගින් දිගිටම එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එම චෝදනාවලට පිළිතුරු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ඇමෙරිකාව චීනය ගැන සොයා බලනවාට වඩා ඇමෙරිකාවේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu