![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
වි දුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා වහල මත සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමා සහාය දක්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇතො බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මාස තුනක කාලයක් සියළුම ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයා සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බැවින් එසේ ඉදිකිරීම් නතර කර දමන ලෙසයි සභාපතිවරයා පවසන්…
දිවයිනට අවශ්‍ය ඖෂධ, ආහාර ඇතුළු භාණ්ඩ රැසක් ප්‍රවාහනය සිදු කරන බලාහාලුම් රථ ඇතුළු සියළුම බහාලුම් රථ හෙට (01) දිනයේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ එම රථ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඩීසල් නොමැති වීම හේතුවෙන්.
ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය බරපතළ ගැටළුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය පවසන්නේ.
මත්පැන් නිෂ්පාදන සමාගම්වලට ප්‍රමාණවත් තරම් එතනොල් නොලැබෙන නිසා මත්පැන් නිෂ්පාදනය නතර කිරීමට සිදුවනු ඇති බව එතනෝල් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.