gossiplanka alexa මාර්තු 22 වනදා සිට මත්පැන් නිෂ්පාදනය නතරකරයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාර්තු 22 වනදා සිට මත්පැන් නිෂ්පාදනය නතරකරයි ?

මත්පැන් නිෂ්පාදන සමාගම්වලට ප්‍රමාණවත් තරම් එතනොල් නොලැබෙන නිසා මත්පැන් නිෂ්පාදනය නතර කිරීමට සිදුවනු ඇති බව එතනෝල් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. 

2020 ජනාවරි මස සිට එතනෝල් ආනයනය අත් හි‍ටුවනු ලැබුවා. මෙරටට අවශ්‍ය එතනෝල් ප්‍රමාණය දේශීයව නිෂ්පාදනය කරනු ලැබූයේ සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලාවලින්. ගල් ඔය සීනි කර්මාන්තශාලාවෙන් එතනොල් ලීටර 24,000ක් පැලවත්තෙන් ලීටර් 20,000ක් සහ සෙවණගලින් ලීටර් 18,000ක් දෛනිකව නිෂ්පාදනය කරනු ලබනවා. නමුත් මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ සිය නිෂ්පාදන සඳහා එතනෝල් ලීටර් 80,000කට වැඩි ප්‍රමාණයක් දෛනිකව අවශ්‍යවන බවයි. 

එසේම එතනෝල් නිෂ්පාදනයේ දී ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් අමතර වියදම් ද දැරීමට කර්මාන්තශාලාවලට සිදුව තිබෙනවා. 

මේ හේතුන් නිසා නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවයි මෙරට ප්‍රධානතම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu