gossiplanka alexa ජාත්‍යන්තර කාන්තා දිනය අදයි, කාන්තා දිනයේ ඉතිහාසය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි, කාන්තා දිනයේ ඉතිහාසය

සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා සැමරෙන මෙම කාන්තා දිනය එක්සත් ජාතීන් විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහායි. 

එහි මූලාරම්භය ඇති වූයේ, 1908 වර්ෂයේදීය. ඒ, කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි. ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි. 

මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවකි. ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර ඇයගේ යෝජනාව ඒකමතිකව ස්ථිර වුණා. 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබුණා.

ඒ අනුව මේ වසරේදී සැමරෙන්නේ, 111 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙවර ජත්‍යන්තර කාන්තා දිනයේ තේමාව "තිරසාර හෙට දවසක් උදෙසා අද දවසේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය" යි. 

ආශ්‍රිත : අන්තර්ජාලයෙන්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu