![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පෙ බරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදකයින් වන සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් විසින් පාන් පිටි කිලෝවල මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ අද (19) මධ්‍යම රාත්‍රියේ සිටයි.
පා න් ගෙඩියක මිල ඉහළ දැමීම සිදු කළ නොහැකි නිසා පාන් ගෙඩියක අනුමත බර ප්‍රමාණය අඩු කරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය රජයට යෝජනා කරනවා. එසේ කළහොත් පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පා න් ගෙඩියක මිල අවම වශයෙන් රුපියල් 100ක් පමණ විය යුතු බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අද (29) සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට එම සංගමය තීරණය කලා. ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 80ක් වනවා.
ති රිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම මිල ඉහළ යන්නේ හෙට (29) සිටයි.