අපේක්ෂා රෝහල මහජනතාවගේ සහාය පතයි. හැකි අයුරින් ඖෂධ පරිත්‍යාග කරන්න

මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවත් හැකි අයුරින් ඒවා පරිත්‍යාග කරන ලෙසත් රෝහල් බලධාරීන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.

අවශ්‍ය වන ඖෂධ සහ ද්‍රව්‍ය

එන්නත්: Tigecycline 50mg, Methotrexate 500mg, Fluorouracil 1g

පෙති සහ කැප්සියුල්: Methotrexate 2.5mg (පෙති), Voriconazole 200mg (පෙති), Chlorambucil 2mg (කැප්සියුල්)

ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය: වැඩිහිටි රෝගීන් සඳහා භාවිත කරන Colostomy Bags සහ Plates

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමත ඖෂධ පමණක් භාරගනු ලැබේ.

පරිත්‍යාග ලබා දීමේදී මුල් ඉන්වොයිස් පත්‍රිකා (Original Invoices) සමඟ ඉදිරිපත් කළ යුතුය.

සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත් සෙනසුරාදා දිනවල පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වාත් පරිත්‍යාග භාරගනු ලැබේ.

වැඩි විස්තර සඳහා අමතන්න : * 0777 468 503, * 0112 850 252, * 0112 897 377 (අභ්‍යන්තර අංකය: 1629)


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu