යාපනය, කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවට අයත්ව තිබූ අක්කර 187.56 ක විශාල භූමි ප්‍රමාණයක් සිවිල් ජනතාවගේ භාවිතය සහ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මුදා හැරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබේ.
වලිකාමම් උතුර, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්කසන්තුරේ බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙම භූමිය, 1997 මැද භාගයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ භාවිතයේ පැවතුණි.
මෙම ඉඩම් මුදා හැරීමට අදාළ නිල ලියකියවිලි පාලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ඩබ්ලිව්. එම්. ඒ. එම්. නිස්සංක මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, කන්කසන්තුරේ යෝජිත ආයෝජන කලාපය සඳහා අවශ්‍ය රාජ්‍ය ඉඩම් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙම භූමිය මුදා හැරුණු බවයි. ඒ හරහා ප්‍රදේශයේ අනාගත ආයෝජන මෙන්ම ආර්ථික සංවර්ධන කටයුතු ද තවත් අතින් විධිමත් වනු ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

