"නවකවධය ලබා දුන් සිසුවාට හැට්ට කට්ටෙනුත් ඇනලා" - මියගිය සිසුවාගේ මව

බරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙක් නවක වධය දරා ගැනීමට නොහැකිව සිය දිවි හානි කරගැනීමේ පුවතක් මේ වන විට සමාජයේ මහත කතා බහට ලක් වෙමින් තිබෙනවා. 

මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙක්. පසුගිය අප්‍රේල් 27 වන දින විශ්වවිද්‍යාලයේ අවුරුදු උත්සවයක් පවත්වා තිබෙන අතර එහිදී ඔහුට දරාගත නොහැකි ලෙස නවකවධය ලබා දීම හේතුවෙන් මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව ඔහුගේ මිතුරන් සහ ඥාතීන් චෝදනා කරනවා. 28 වන දින ගම්පොළ ඉහළගම පිහිටි ඔහුගේ නිවසට පැමිණ ඔහු මෙලෙස සිය දිවි නසාගෙන තිබෙනවා. 

ඔහුගේ මව විසින් මාධ්‍යයට ප්‍රකාශයක් සිදු කරමින් මෙලෙස පවසා තිබෙනවා. 

"මගේ පුතාට වධ දීලා යට කලිසමත් ගලවලා. බිත්තියේ ඔලුව වැද්දුවලු. මගේ හැට්ට කට්ටෙන් මගේ පුතාට ඇන්නලු. ඊට පස්සෙ කබඩ් එකක් ඇතුළට තල්ලු කරලා. ගෙදර ආවට පස්සෙ අම්මට මූණ දුන්නෙත් නෑ."

මේ වන විට මෙමෙ අන්වක වධය සිදු කලායැයි පවසන සිසුන් පිරිසකගේ ඡායාරූප ද අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් පවතිනවා. 

මෙවැනි අමානුෂික නවකවධ සම්බන්ධයෙන් බලධාරීන්ට නිසි පියවර ගන්නා ලෙස සමාජය ඔස්සේ දැඩි කතා බහක් මතුව තිබෙනවා. 

 


 


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu