යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40ක ප්‍රමාණයක් නැවත සිවිල් වැසියන් වෙත නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.
යාපනය - කට්කෝවලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 5ක්, මාන්කොල්ලෙයි ගම්මානයේ ඉඩම් අක්කර 15 ක් සහ වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාසවිලාන් කොට්ඨාශයේ ඉඩම් අක්කර 20ක් මෙලෙස සිවිල් වැසියන් වෙත නිදහස් කර ඇති බවටයි වාර්තා සඳහන් වන්නේ.
එම ඉඩම් අදාළ මුල් අයිතිකරුවන් වෙත කඩිනමින් නිදහස් කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසා ඇති බව සඳහන්.