හෙළ සිනමාව එළිය කල සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 78 වන වියේ පසු වුණා.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඇය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස තම දිවි ගමනට සමු දුන්නා.
1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපත ලද ඇය මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූවා. සිංහල සිනමාවේ නිලි රැජිණ ලෙසින් විරුධාවලිය ලත් ඇය ඇයගේ සිනමා දිවිය අරඹන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන්.
1969 දී ජාතික නාට්‍ය උළෙලේ දී හොඳම නිලිය සම්මානයට පාත්රවන ඇය 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය ද දිනාගනු ලැබුවා.
ඇය ආසියාවේ මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනාගෙන් අයෙක් බව ඇමරිකානු CNN රූපවාහිනිය විසින් ද නම් කර ලැබ තිබෙනවා.
ගිල්බට් හා සීලවතී ෆොන්සේකා යන අයට දාව මාලනිය උපත ලබන්නේ පවුලේ තෙවන දරුවා ලෙසින්. ඒ කැලණිය පෑලියගොඩ ප්‍රදේශයේ දීයි. ඉන්පසු ඔවුන් නුගේගොඩ ජම්බුගස්මුල්ල පදිංචියට ගිය අතර 1952 දී මාලනිය ඇගේ අධ්‍යාපන කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කරනු ලැබුවා. නැවත ඔවුන්ගේ පදිංචිය වෙනස් කල අතර කැළණියේ වෙදමුල්ල ප්‍රදේශයට පැමිණියා. ඉන්පසු ඇය අධ්‍යාපනය හැදෑරීම සඳහා කැළණිය ගුරුකුල විද්‍යාලයට ඇතුල් වුණා.
මාලනී ෆොන්සේකා සිය රංගන දිවිය ආරම්භ කරන්නේ වේදිකා නාට්‍ය හරහාය. 1963 දී "නොරත රත" වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී, රග පෑඅකල් වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇය වේදිකා නාට්‍ය 14කට ප්‍රධාන භූමිකාව එක් කර තිබෙනවා.
1968 දී පුංචි බබා චිත්‍රපටය හරහ සිනමාවට පිවිසෙන ඇය එම වසරේ දීම අබුද්දස්ස කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපටවලද රගපානු ලැබුවා.
ඇය දෙස් විදෙස් චිත්‍රපට 140කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිධානය චිත්‍රපටය ඇයගේ සාර්ථකම චිත්‍රපට අතරින් එකක්. එසේම රන් මැණිකා, බඹරුඅ එවිත්, එයා දැන් ලොකු ළමයෙක් යන චිත්රපටද ඒ අතර වනවා. ඇය 1984 වසරේ දී සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂනය සහ නිෂ්පාදනය කලා. එසේම 1987 වසරේ දී අහිංසා චිත්‍රපටය ද 1991 දී ස්ත්‍රී චිත්‍රපටය ද ඇය අධ්‍යක්ෂනය කරනු ලැබුවා.1978 දී ඇය දෙමළ රංගන ශිල්පී, සිවාජි ගනේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් හි රන්ගපෑමට එක් වුණා.
පසු කාලීනව පුංචි තිරයේ ද රංගනයෙන් දස්කම් පෑ ඇය මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර සහ අඹුදරුවෝ යන ටෙලිනාට්‍ය ඔස්සේ සිය රගපෑම දායක කලා. එසේම පිටගම්කාරයෝ සහ කෙම්මුර ටෙලිනාට්‍යවල දැක්වූ විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය හොඳම ටෙලිනාට්‍ය නිලිය සඳහා සුමති සම්මානය ද හිමි වූවා. මාලනිය සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වූවා.
ඇය රංගනයෙන් දායක වූ අවසන් සිනමාපටයව් අන්නේ ආකාස කුසුම් චිත්‍රපටයයි.
ජත්‍යන්තර තලයේ සම්මාන හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික නිලිය වූයේ ද මාලනියයි. 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත තර 1977 නව දිල්ලි චිත්‍රපට උළෙල දී ඇය තවත් සම්මානයක් හිමි කර ගත්තාය.
2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප්‍රංශයේ පැවැත්වූ 16 වන දෝවිල් (ඪේඋවිල්ල්) ආසියානු සම්මාන උළෙලේදීද, වසර 50 ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වය අගයමින්, මාලිනියට රන් නෙළුම සම්මානය පිරිනැමුණා.
ඇය රංගනයෙන් දායක වූ අවසන් සිනමාපටයව් අන්නේ ආකාස කුසුම් චිත්‍රපටයයි.
ජත්‍යන්තර තලයේ සම්මාන හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික නිලිය වූයේ ද මාලනියයි. 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත තර 1977 නව දිල්ලි චිත්‍රපට උළෙල දී ඇය තවත් සම්මානයක් හිමි කර ගත්තාය.
2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප්‍රංශයේ පැවැත්වූ 16 වන දෝවිල් (ඪේඋවිල්ල්) ආසියානු සම්මාන උළෙලේදීද, වසර 50 ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වය අගයමින්, මාලිනියට රන් නෙළුම සම්මානය පිරිනැමුණා.
ඇය 1986 ජුනි 12 වන දින ලකී ඩයස් සමග විවාහ දිවියට පා තැබුවා. 2010 අප්‍රියෙල් හීදි එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජාතික ලැයිස්තුව යටතේ ඇයට, පාර්ලිමේන්තු සාමාජිකත්වය ලබා දුන්නා.
ලබාගත් සම්මාන
සරසවිය සම්මාන
1979 හොඳම නිළිය - හිඟන කොල්ලා
1979 වසරේ ජනප්‍රියතම නිළිය
1980 ජනප්‍රියතම නිළිය
1981 හොඳම නිළිය – ආරාධනා
1981 ජනප්‍රියතම නිළිය
1982 හොඳම නිළිය - යස ඉසුරු
1982 ජනප්‍රියතම නිළිය
1983 ජනප්‍රියතම නිළිය
1984 ජනප්‍රියතම නිළිය
1985 ජනප්‍රියතම නිළිය
1985 විශේෂ සම්මානය - රුපියල් ලක්ෂ 50 ඉක්මවූ චිත්‍රපට සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සම්මානය
1985 ජූරියේ විශේෂ සම්මානය - රංගනය,අධ්‍යක්ෂණය,නිෂ්පාදනය උදෙසා - සසර චේතනා
1985 රණතිසර සම්මාන
2009 සහය නිළිය අබා
ජනාධිපති සම්මාන
1978 - හොඳම නිළිය - බඹරු ඇවිත්
1979 - හොඳම නිළිය - වසන්තයේ දවසක්
1981 - හොඳම නිළිය – ආරාධනා
1985 - කලාසූරී සම්මානය
1996 - “විශ්ව ප්‍රාසාදිනී” උපහාර සම්මානය - විශේෂ සම්මානය ජනාධිපති විසින් මාලිනී ෆොන්සේකා මහත්මිය හට පිරිනමනු ලැබූවා ඇය විසින් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයෙහි මෙහෙවරට.
ජාත්‍යන්තර තලයේ සම්මාන
1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල - චිත්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය - එයා දැන් ලොකු ළමයෙක්
1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය - සිරිපාල සහ රන්මැණිකා - 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය - සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
රිදී මයුර සම්මානය - 39වෙනි ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
1998 - උපහාර සම්මානය - ජාත්‍යන්තර සමුපකාර සමිතිය - කැළණිය
සිග්නීස (ඕසීඅයිසී) සම්මාන
1977 නිර්මාණශීලී රංග කුසලතා - එයා දැන් ලොකු ළමයෙක් / සිරිපාල සහ රන්මැණිකා සහ දෙවියනි ඔබ කොහෙද
1980 නිර්මාණශීලී රංග කුසලතා – දඬු මොණරා
1982 නිර්මාණශීලී රංග කුසලතා – බැද්දේගම /ඉන්දුට මල්මිටක් සහ සොල්දාදු උන්නැහේ
1992 නිර්මාණශීලී රංග කුසලතා - මධුසමය
වෙනත්
1965 හොඳම වේදිකා නිළිය - අකල් වැස්ස නාට්‍යය
1968 ජනප්‍රියතම සහය නිළිය - පුංචි බබා - ස්වර්ණ සංඛ ගුවන් විදුලි සම්මාන
1972 හොඳම චරිත නිරූපණය - නිධානය - විචාරක සම්මානය
1972 හොඳම නිළිය - නිධානය - Sri Lanka Association of Critics
1972 ජනප්‍රියතම නිළිය - දීපශිකා සම්මානය
1977 රන් පියුම උපහාර සම්මානය
1973 ජනප්‍රියතම නිළිය - දීපශිකා සම්මාන
1975 Appreciation award from producers - එයා දැන් ලොකු ළමයෙක් - Movie Producers Association
1975 Appreciation Award - එයා දැන් ලොකු ළමයෙක් - ඉදිරිපත් කිරීම කලා කවය
1976 ජනප්‍රියතම නිළිය – සුසී - ලේක් හවුස්
1980 වසරේ දක්ෂතම කාන්තාව - ටොප් ටෙන් සම්මාන
1990 ශ්‍රී ලංකා නළු නිළි සංගමය විසින් පිරිනැමූ රන් පදක්කම - ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලදි
1991 හොඳම නිළිය - ස්වර්ණ සංඛ - මධුසමය
1992 වසරේ විශිෂ්ටතම කාන්තාව(සිනමා අංශය) - වනිතා විත්ති
1993 උන්ඩා අභිනන්දන සම්මානය - 'මහමෙර පාමුල ටෙලිනාට්‍යය
1996 විශ්ව ප්‍රාසාදිනී උපහාර සම්මානය - ශ්‍රී ලංකා මාතාවට කළ අතිවිශිෂ්ට සේවය වෙනුවෙන් රාජ්‍ය නායිකාවන්ගේ සම්මානය
1996 උපහාර සම්මානය - ජනාධිපති සම්මාන උළෙල
1996 උපහාර සම්මානය - ත්‍රෙනිකායික සංඝ සාම ශ්‍රී පදනම
1997 "සත් පියුම් ප්‍රාසාදිනී ස්වර්ණ පද්ම උපහාර සම්මානය" - ලංකා කලා සංගමය
1997 හොඳම නිළිය - සුමති ටෙලි සම්මාන - පිටගම්කාරයෝ ටෙලිනාට්‍යය
1998 යුගාන්තය 99 උපහාර සම්මානය මුදල් ත්‍යාග ප්‍රධානය - ස්වාධීන රූපවාහිනීය, ලක්හඬ ගුවන්විදුලිය
2001 හොඳම නිළිය - සුමති ටෙලිසම්මාන - කෙම්මුර ටෙලිනාට්‍යය
2001 යාවජීව සම්මානය - යූ.ඩබ්ලිව්.සුමතිපාල අනුස්මරණ
2001 උපහාර සම්මානය - 40 වසරක සිනමා දායකත්වය වෙනුවෙන් - කොළඹ සරසවිය කලාපීඨයේ උපහාර සම්මානය
2003 උපහාර සම්මානය - කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා, විද්‍යාලංකාර පිරිවෙන හා කැලණිය ගම්වාසීන්
2003 උපහාර අභිනන්දන සම්මාන - වේදිකාව, සිනමාව හා රූපවාහිනිය ක්ෂේත්රය වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාව උදෙසා
2006-2007 වසරේ සිත් ගත් සිනමා නිළි සම්මානය - "නවලිය වෙන්ඩෝල් සිනමා උළෙල"
2008 ස්ලිම් නෙල්සන් ජනතා සම්මානය
2008 රජත මයුර සම්මානය – ආකාස කුසුම්