ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළයුතු ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් එම අරමුදල විසින් සිහිපත් කිරීමක් සිදු කර තිබෙනවා.
පිරිවැය ආවරණය වන විදුලි මිලකරණය නැවත ස්ථාපිත කිරීමත් ස්වයංක්‍රීය විදුලි මිල ගැළපූම් යාන්ත්‍රණය නිසි ක්‍රියාකාරීත්වය සහතික කිරීමටත් ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇති බවටයි ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පවසා ඇත්තේ.
මෙම කාරණා සම්පූර්ණ කල පසුය් ඊට අදාළ විධායක මණ්ඩලය අනුමැතිය හිමිවනු ඇති බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.