මෙම රෝගය වැළඳුණු රෝගීන්ට කැස්සක් හෝ උණක් ඇති නොවන අතර සන්ධි වේදනාව, ශරීර දුර්වලතාවය, ආහාර රුචිය නැතිවීම යන රෝග ලක්ෂණ මතුවන බවයි පැවසෙන්නේ. එසේම මෙම වෛරසය වැළදීමෙන් සිදුවන මරණ අනුපාතය වැඩි අගයක් ගන්නා අතර එය උත්සන්න වීම සඳහා වැඩි කාලයක් නොගන්නා බවයි පැවසෙන්නේ.
ඇතැම් රෝගීන්ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත. මෙම වෛරසය ඍජුවම පෙනහළුවලට බලපෑම් සිදු කරන අතර උග්‍ර ශ්වසන අපහසුතා ඇති කරන බවයි පැවසෙන්නේ.
මෙම වෛරසය ඉන්දියාවෙන්ද හමු වී ඇති අතර මේ වන විට රෝගීන් 1000කට අධික ප්‍රමාණයක් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවල සඳහන්. මරණ 4ක්ද වාර්තා වී තිබෙන බව සඳහන්.
මේ අතර ලංකාවේද නව කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන්නේ දැයි සොයා බැලීම සඳහා රට පුරා පී.සී.ආර් පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
ලොව පුරා පැතිර යන මෙම කොවිඩ් වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා ඊයේ (28) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවසා ඇත්තේ.