කලක් රෝගාතුරව පසුවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඔහු 69 වියේ පසුවූවා.
සමන් ද සිල්වා මහතා ගායන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේ දීයි. පුරා දශක හතරක් තිස්සේ මෙරට රසික රසිකාවියන් ගායනයේ පින වූ ඒ මහතා මෙරට වැඩිම වාර ගණනක් විදෙස් ප්‍රසංගවලට එක්වූ ගායන ශිල්පියාද වනවා.
ඔහුගේ ගීත අතර නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ, එපා එපා රැවටෙනු (සුරූපී විරූපී) , සංතෝස වෙන්න ප්‍රීති වෙන්න, තනනිල්ල දිගේ, පුරහඳ නැගුණා මේ ආදී ගීත ඉතා ජනප්‍රිය වුණා.
ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති සමන් ද සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ කලා සංසදයේ ජාතික සංවිධායක ලෙස ද කටයුතු කර තිබෙනවා.