සිරි දළදා වන්දනාව අදින් අවසන්

සිරි දළදා වන්දනාව සඳහා මජහනතාව වෙත ලබ දී තිබෙන කාලය අද (27) සවස 5.30න් අවසන් වනවා. 

ඊයේ රාත්‍රියවන විට ද ලක්ෂ පහමාරකට අධික බැතිමතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට එක්ව සිටි බවයි සංවිධායක මණ්ඩලය වාර්තා කර සිටින්නේ. 

සිරි දළදා වන්දනාව අවසන් වීමට පෙර සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහය දැක්වූ කම්කරුවන් ඇතුලු පාර්ශවවලට ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. 

අපවිත්‍රව ඇති මහනුවර නගරය අද සවස්වරුවේ සිට පිරිසිදු කිරීමට සියලු‍ රාජ්‍ය ආයතන එක්ව ක්ලීන් කැන්ඩි ව්‍යාපෘතිය ආරම්භ කර බවයි  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ. 

සිරි දළදා වන්දනාව හේතුවෙන් වසා දැමුණූ මහනුවර හා ඒ අවට පාසල් 24 ක් හෙට යළි විවෘත කෙරෙන අතර ආරක්ෂක අංශ සාමාජිකයින්ට පහසුකම් සැපයිම සදහා වසා දැමූ පාසල් 37 ක් අනිද්දා විවෘත කිරීමට නියමිතව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu