අයහපත් කාලගුණගෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීමට ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස්


තා
ක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද එතුමා දන්වා තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව නිලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ අද (27) දින රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයි.

විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් එම ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්. 

අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවධානමක් සහිත උතුරු නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණු අතර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන නිලධාරීන්ට මම මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. 

දැනට මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටින ධීවර ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන්ව සුරක්ෂිතව ගොඩ බිමට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙහිදී අවධානය යොමු වුණා. විපතට පත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක සේවා සපයමින්  එම ජනතාව සම්බන්ධයෙන් පසු විපරම් තොරතුරු ලබා ගැනීමට ද කටයුතු කරන ලෙසද මම මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu