ලබන වසරේ දී වාහන ආනයනය කල යුතුම වන බව හර්ෂද සිල්වා මහතා පවසනවා.
එසේ වාහන ආනයනය නොකරන්නේ නම් රේගුවට ලැබෙන ආදායම සීඝ්‍රයෙන් පහළ යන බව ඔහු පවසනවා. එසේ වාහන ආනයනයෙන් ද ආදායම් ලැබෙනවා යැයි සලකා අයවැය සාදා ඇති බවත් ඒ හේතුවෙන්ම කවුරු මොනවා කීවද 2025 දී වාහන ආනයනය ආරම්භ කල යුතුම බව ඔහු පවසනවා.
එසේ වාහන ආනයනය නොකර 2025 අයවැය ඉදිරිපත් කල නොහැකි බව ද ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.
හර්ෂද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික යු ටියුබ් නාලිකාවකට එක්වෙමින්.