"සුදු වෑන්" සිද්ධියට අදාළ නඩුවෙන් රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණට තීරණය කර තිබෙනවා.
සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් රාජිත සේනාරත්න ඇතුළු පිරිසට මෙම නඩුව පවරා තිබුණා. ඒ 2019 වසරේ පැවති මැතිවරණ සමයේදීයි.