පවතින සුළි කුණා‍ටු තත්ත්වය පිළිබඳව නවතම අනාවැකිය


නි
රිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණා‍ටුව 2024 නොවැම්බර් 29 වැනි දින ප.ව 5.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 330ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 270 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 30 දින සවස් කාලයේ දී තමිල්නාඩු වෙරළ වෙත ලඟා වනු ඇති බවත් දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මඟින් වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයිනේ උතුරු සහ උතු‍ටු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. උතුරු පළාතේ ඇතැම් ස්ථානවල මි.මී 75ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකිය. 

සබරගමු පළාතේත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්වයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. 

උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී 50-55 පමණ තද සුළං ඇති විය හැකියි. 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා කළමනාකරණ අංශය මඟින් නිකුත් කර තිබූ කලා ඔය සම්බන්ධයෙන් වූ අනතුරු ඇඟවීමේ නිවේදනය මේ වන විට ඉවත් කර තිබෙනවා. 









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu