අයහපත් කාලගුණයෙන් විනාශ වූ වී ගොවිතැන ඇතුළු වගාවන් නගා සි‍ටුවීමට සහාය


වතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වී වගා කරන ප්‍රදේශවල සිදු වූ වගා හානි සහ වාරි පද්ධතිවලට සිදු වූ හානි පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) සාකච්ඡාවක් පැවැත්වුණා. 

මෙම සාකච්ඡාවට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, කෘෂි කර්ම සහ වාරිමාර්ග බලධාරීන් සහභාගී වී තිබෙනවා. 

ගොවීන්ගේ හානියට ලක් වූ වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ආමාත්‍යාංශය ලෙස අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමට මෙහිදී තීරණය වී තිබෙනවා. 

ගොවීන් වෙත බිත්තර වී ලබා දීමට සහ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසා දීමටත් ඒ සඳහා වහාම වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, කැඩී බිඳී ඇති වාරි පද්ධති වහාම පිළිසකර කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට දිසාපතිවරුන් සහ වාරිමාර්ග බලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu