gossiplanka alexa මලවතු මහනාහිමියන් දේශපාලඥයින්ට තමන්ව බැහැ දැකීමට ඉඩ නොදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මලවතු මහනාහිමියන් දේශපාලඥයින්ට තමන්ව බැහැ දැකීමට ඉඩ නොදෙයි

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දේශපාලඥයින් පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ කිසිදු දේශපාලඥයෙකුට තමන් වහන්සේව බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමටයි. 

තාවකාලිකව සර්ව පක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් ලියවිල්ලක් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ද මෙතෙක් ඒ සඳහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහ නාහිමියෝ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. 

මේ හේතුවෙන් විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියවිල්ල හනාහිමිවරුන්ට පිළිගැන්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැමින සිටිය ද එයට මල්වතු මහනාහිමියන්ගේ අවසරය හිමි වී නැහැ. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්රීවරු පිරිසක්ද මහ නාහිමියන්ට පවතින අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඇතුළත් ලියවිල්ලක් පිළිගැන්වීමට අවසර ඉල්ලා සිටිය ද මහනාහිමියන් ඊට අවසර ලබා දී තිබුණේ නැහැ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu