gossiplanka alexa ලෝක මැලේරියා දිනය අදයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක මැලේරියා දිනය අදයි

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක්. ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව 2015 වසරේ ලෝක ජනගහනයෙන් මිලියන 214කට මැලැඒරියාව වැළදී ඇති අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 429,000ක්. මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වන්නේ අප්‍රිකානු කලාපයෙන්. එසේම දකුණු හා නැඟෙනහිර ආසියානු කලපයේ රටවල් 10ක බිලියන 1.4ක ජනගහනයක් මැලේරියාව වැළදීමේ අවදානමක් සහිතව ජීවත්වනවා. 

මෙවර මැලේරියා දිනයේ තේමාව වන්නේ "නව ප්‍රවේශයකින් මැලේරියාව පිටු දකිමු යන්න" යි. ශ්‍රී ලංකාව 2016 දී මැලේරියා රෝගය තුරන් කළ රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය ලත් රටක් වුඅත් වර්තමානය වන විට මැලේරියා රෝගීන් වාර්තා වෙමින් පවතිනවා.

මැලේරියාව යනු වාහකයෙක් මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර එය ඇති කරනු ලබන්නේ ප්‍රොටෝසෝවාවකු (ඒක සෛලික ජීවියෙක්) වූ පරපොෂිතයෙකුගෙනි.  එනම් ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒක සෛලික පරපොෂිතයයෛ. මිනිසුන් හට ආසාදන ඇති කළ හැක්කේ මෙම ප්ලැස්මෝඩියම් වර්ගයට අයත් පරපෝෂිතයන් 4 දෙනෙකුගෙන් පමණි. වඩාත් දරුණු මැලේරියා රෝග තත්වයන් ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ෆල්සිපාරුම් හා ප්ලැස්මෝඩියම් වයිවැක්ස් නම් පරපෝෂිතයන්ගෙනි. නමුත් අනෙකුත් වර්ග දෙක වන ප්ලැස්මෝඩියම් ඕවාලේ සහ ප්ලැස්මෝඩියම් මලාරියේ යන පරපෝෂිතයින්ට ද මිනිසුන් හට ආසාදන ඇති කිරීමේ හැකියාව ඇත. මෙම මිනිසුන් සදහා රෝග ඇති කරන ප්ලැස්මෝඩියම් විශේෂවලට මැලේරියා පරපෝෂිතයින් ලෙස සාමාන්‍ය වහරයේදී හඳුන්වනු ලබනවා.

මැලේරියා පරපෝෂිතයින් පරිවහණය කරනු ලබන්නේ ගැහැණු ඇනෝපිලස් මදුරුවකු මගින්. මෙම පරපෝෂිතයින් මිනිසාගේ රුධිරයෙහි වූ රක්තානුවල ගුණනය වීමෙන් රෝග ලක්ෂණ ඇති කරනු ලබනවා. ඒවා නම් රක්ත හීනතාවයෙහි රෝග ලක්ෂණ, (හිසෙහි ඇති වන සැහැල්ලු බව, හුස්ම ගැනීමේ අපහසුතාව, හෘද ස්පන්ධනය ඉහළයෑම) උණ , ඇග සීතල වීම, ඔක්කාරය සහ රෝගය වඩාත් දරුණු අවස්ථාවන්හිදී කෝමා තත්වය සහ මරණය පවා ඇති වනවා. 

මැලේරියාව ඇමරිකාව , ආසියාව සහ අප්‍රිකාව වැනි නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල වඩාත් පුළුල්ව පැතිර පවතිනවා. සෑම වසරක් තුළම එමගින් මිලියන 515 ක් තරම් ජනතාව රෝගී කරන අතර මිලියන 1 සිට 3 අතර රෝගීන් ප්‍රමාණයක් මරණයට පත්කරනු ලබනවා. මේ අතරින් බහුතරයක් වනුයේ උපසහරා අප්‍රිකාවෙහි ජීවත් වන කුඩා ළමුන්ය. 


මැලේරියා රෝගය ව්‍යාප්ත වීම මදුරුදැල් සහ කෘමිවිකර්ශක ද්‍රව්‍ය භාවිතා කර ගැනීමෙන් මදුරුවන් ලවා දෂ්ටවීම වළක්වා ගැනීම මගින් අවම කර ගත හැකි වනවා. කෘමිනාශක වර්ග ඉසීම හා මදුරුවන් බිත්තර දමන ජලය එකතු වන තැන් ඉවත් කිරීම මගින් ඔවුන් බෝවීම පාලනය කළ හැකියි. ඇතැම් එන්නත් වර්ග පර්යේෂණ මට්ටමෙන් පැවතුනද මේ වන විට මැලේරියාවට එරෙහි එන්නතක් සොයා ගෙන නොමැත. රෝගය ඇති වීම සදහා ඇති අවධානම අඩුකරගැනීම සදහා රෝග වළක්වා ගැනී‍මේ ඖෂධ වර්ග නොකඩවා භාවිතා කළ යුතු වනවා. 
















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu