
ඒ අනුව අති භයානක තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවත් ඇති බවත් කොරෝනා වසංගතයට වඩා දරුණු අවධියක් ඇති වීම වැළැක්විය නොහැකි බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රෝහල්වල නොමැතිවීම නිසා රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පවසා තිබෙනවා.
වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාව දුරකතන මාර්ගයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලත් එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.