gossiplanka alexa රනිල් වික්‍රමසිංහගෙන් සියළුම පක්ෂ නායකයින්ට ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් වික්‍රමසිංහගෙන් සියළුම පක්ෂ නායකයින්ට ඉල්ලීමක්

දේශපාලන අර්බූධය පිළිබඳ ස්ථාවරය වහාම හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ (20) පැවති පක්ෂ නායක රැස්වීමේදී රට තුළ පවතින අර්බූදකාරී තත්ත්වයට වහාම විසඳුමක් ලබාදෙන ලෙස ඒ මහතා ඉල්ලීමක් කලා.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් අනතුරුව රට තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි. ජනතාවගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදුනහොත් තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවුවා.

රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයක් සමඟ කටයුතු නොකරන බවට විපක්ෂයේ පක්ෂ ස්ථාවරය ප්‍රකාශ කළ බවයි.  දේශපාලන අවුල් සහගත තත්ත්වය පිළිබඳව තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස ඔහු ආණ්ඩු සන්ධානයේ පක්ෂ නායකයන්ගෙන් මෙන්ම මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූවන්ගෙන්ද ඉල්ලා සිටියා. 

පක්ෂ නායකයින් රැස්වී අර්බුදය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණිය යුතු බවත්, රටේ පවතින තත්ත්වය පාර්ලිමේන්තුව විසින් පාලනය කර මහජනතාවට සහන සැලසිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu