gossiplanka alexa රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි

රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ ගැ‍ටුම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිස්පතිවරයා, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන්ට හෙට පෙරවරු 11ට මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ඇති බව සඳහන්. 

පරීක්ෂණ සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධ්‍යක්‍ෂවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, නීති නිලධාරියෙකු සහ මානව හිමිකම් නිලධාරියෙකු ඇතුළු විශේෂ කණ්ඩායමක් මේවනවිටත් රඹුක්කන ප්‍රදේශය වෙත පිටත්කර යවා ඇති බවයි වාර්තා වන්නේ. 

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල එම කණ්ඩායමේ වාර්තා අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව බලාපොරොත්තුවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu