
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත පිරිසක් විසින් ද අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව සිය විරෝධය පළ කර තිබෙනවා. අගමැතිවරයා එසේ ඉවත් කළ හොත් ජනාධිපතිවරයාට ද එම ඉරණම අත් වන බවයි ඔවුන් පවසා ඇත්තේ. ඡන්ද පදනමක් නැති පුද්ගලයින් සමඟ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බවයි අරලියගහ මන්දිරයේ දී පැවති අග්‍රාමාත්‍යවරයා සමග වූ සාකච්ඡාවකදී ඔවුන් අවධාරණය කර ඇත්තේ.
එසේම ඔවුන් පවසා ඇත්තේ අගමැතිවරයා ධූරයෙන් ඉවත් වුවහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බවයි. මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් හය දෙනෙකු පමණ මේ බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.