gossiplanka alexa මහජන විරෝධතා භූමියේ ජංගම වැසිකිළි සවි කිරීම ගැන බලපෑම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහජන විරෝධතා භූමියේ ජංගම වැසිකිළි සවි කිරීම ගැන බලපෑම්

ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට එක්වී සිටින පිරිස් සඳහා ජංගම වැසිකිළි පද්ධතියක් සවි කිරීම  පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා. විරෝධතාකරුවන්ගේ පහසුව සඳහා විරෝධතා පැවැත්වීමට වෙන් කළ ස්ථානයට ආසන්න ප්‍රදේශයක ජංගම වැසිකිළි 06ක් සවි කිරීමට නීතිඥවරයෙක් ඇතුළු පිරිසක් කටයුතු කර තිබුණා. 

එම වැසිකිළි සවිකීරීම පොලිස් අවසරය මත සිදු කර ඇති අතර එලෙස ජංගම වැසිකිලි සවිකිරීම සඳහා රජයේ අවසරය නොගත් බවට සඳහන් කරමින් එම ජංගම වැසිකිලි පහසුකම් කුලියට සපයනු ලබන පෞද්ගලික ආයතනයට නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලපෑම් කර ඇති බවයි සඳහන් වන්නේ. 

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට සඳහන් කරමින් ප්‍රසන්න නැමැති පුද්ගලයෙකු විසින් අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා තිබෙන බව සඳහන්. කෙසේ වෙතත් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකින් මේ පිළිබඳව  නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කිරිමේ දී එහි අතිරේක අධ්‍යක්ෂක ජනරාල් මහින්ද විතානරච්චි සඳහන් කර ඇත්තේ ජංගම වැසිකිලි පහසුකම් සැපයීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන්  අවසරයක් ගැනීමට අවශ්‍ය නොවන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu