gossiplanka alexa අන්තර් කාලීන ආණ්ඩු යෝජනාවට ජනපතිගෙන් සංශෝධන ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තර් කාලීන ආණ්ඩු යෝජනාවට ජනපතිගෙන් සංශෝධන ?

ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රියේ දී පැවැත්වුණා. ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව එක්ව පසුගිය දා කරුණු 11කින් යුක්තව ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වුණා. 

එම සාකච්ඡාවට ආණ්ඩුව වෙනුවෙන් සහභාගී වී ඇත්තේ ජනාධිපතිවරයා පමණයි. අන්තර් කාලීන ආණ්ඩුවක් සම්බන්ධයෙන් ස්වාධීන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා සංශෝධනය කරන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිය තීරණය කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඉදිරියේ දී දැනුම් දෙන බව ස්වාධීන මන්ත්‍රීවරුන් පවසා තිබෙනවා. 

නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම හෝ අනතර් කාලීන ආණ්ඩුවක් පිහි‍ටුවීම සම්බන්ධයෙන් මෙහිදී කිසිදු සාකච්ඡාවක් සිදු නොවුන බවයි ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබූ යෝජනා ඇතුළත් ලිපිය



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu