gossiplanka alexa වෘත්තීය සමිති දහසක් එක්වන දැවැන්ත වැඩ වර්ජනය අදයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෘත්තීය සමිති දහසක් එක්වන දැවැන්ත වැඩ වර්ජනය අදයි

ආණ්ඩුවට එරෙහිව දියවත් කරන දැවැන්ත සංකේත වැඩ වර්ජනයක් අද (28) දියත් කරනවා. ඒ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. එයට සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, වතු, තැපැල්, සමෘද්ධි, බැංකු, සංවර්ධන නිලධාරී, වරාය කම්කරු ආදී යන අංශ ද ද ඇතුළත්. 

“ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු ” තේමාව යටතේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබෙනවා. වැඩවර්ජනයට සහභාගීවන වෘත්තීය සමිති දහවල් 12ට දැවැන්ත විරෝධතා පා ගමනක් කොළඹ කො‍ටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ලංකා ගමනගමන මණ්ඩලයේ බස්රථ සහ පෞද්ගලික බස්රථ අද දිනය තුළ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි සඳහන් වන්නේ. බස් රථ හිමියන් කැමතිනම් පමණක් ධාවනයෙන් ඉවත් වී සිටීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. 

වත්මන් ආණ්ඩුව දින 7ක් තුළ ඉල්ලා අස් නොවුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසා ඇත්තේ. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu