gossiplanka alexa අලුත් අවුරුද්දට සැලසුම් කල විශේෂ ප්‍රවාහන පහසුකම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අලුත් අවුරුද්දට සැලසුම් කල විශේෂ ප්‍රවාහන පහසුකම

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවයකින් තොරව සිංහල හා අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයිම් මැදිරියක් මෙම කාලය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි. 

එසේම බස් සේවාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම පිණිස ජංගම නීරීක්ෂණ නිලධාරීන් සේවයේ යොදවනු ලැබෙන අතර අලුත් අවුරුදු සමයේ බස් රථවල වල ඇතිවන තදබදය අඩු කර ගැනීමට බස් සංචිතයක් ද පවත්වාගනු ලැබෙනවා. 

අළුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාව අදියර දෙකකින් ක්‍රියාත්මක වනවා. පළමු අදියට 2022 අප්‍රේල් 08 සිට 15 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. කොළම බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කරනු ලබන අතර මගීන්ගේ ආරක්ෂාව, ආහාරපාන හා සනීපාරක්ෂාව ඇතුළු පොදු පහසුකම් ද නො අඩුව සැලසීමටයි අපේක්ෂා කර ඇත්තේ. 

කඩවත, කසුවෙල බස් පර්යන්තවල හා මාකුඹුර බහුවිධ හුවමාරු මධ්‍යස්ථානයේ ද මෙම කාල සීමා තුළ ඉහත සේවා සහ පහසුකම් සැපයීමට නියමිතයි.

දෙවන අදියට යටතේ නැවත කොළඹ තදාසන්න ප්‍රදේශවලට පැමිණීමේ දී ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොණරාගල, බදුල්ල, හැටන්, මහනුවර හා නුවර එළිය බස් පර්යන්තවල මගී ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර මත බස් සේවා යෙදවීමට සැලසුම් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu