රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම නිසා ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි යුක්‍රේන සහ රුසියන් ජාතික පුරවැසියන් සිය මව් රට බලා ආපසු යාමට නොහැකිව මෙරට තුළ ‍රැඳී සිටිනවා. 

රුසියානු සංචාරකයින් 11,463 සහ යුක්‍රේන සංචාරකයින් 3,993 මෙලෙස සිය රට වෙත යාමට නොහැකිව දිවයින තුළ ‍රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව සලකා බලා ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කිරීම සංචාරක අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි පැවසෙන්නේ. 

ඒ අනුව එම පුද්ගලයන්ගේ වීසා කාලය ගාස්තු අයකිරීමකින් තොරව මාස 2ක කාලයක් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.