gossiplanka alexa මහා ශිව රාත්‍රී දිනය අද දිනයේ ශිව රාත්‍රී දිනය ගැන ඉතිහාසය දැනගමු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහා ශිව රාත්‍රී දිනය අද දිනයේ ශිව රාත්‍රී දිනය ගැන ඉතිහාසය දැනගමු

ශිව දෙවියන් හින්දු ආගමේ ත්‍රී මූර්තියේ එක් ප්‍රධාන දෙවිවරුන් ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන්ගෙන් එකක් වන ශෛව ආගම තුළ ශිව දෙවියන් ශ්‍රේෂ්ඨතම දෙවියන් ලෙස හැඳින්වෙනවා.  

බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙනවා.  ශෛව සම්ප්‍රදායට අනුව ශිව දෙවියන් විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. ශක්ති වාදය නම් වූ හින්දු ආගමික සම්ප්‍රදායේ දී, ආදිපරාශක්ති නම් වූ දේවතාවිය විශ්වය නිර්මාණය කලා යැයි විශ්වාස කෙරෙන අතර, එහිදී ආදිශක්ති ස්වරූපය දැරිය හැකි යැයි කියැවෙන පාර්වතී දේවියගේ ස්වාමියා ලෙස ශිව දෙවියන් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

ශෛව ආගමට අනුව, ශිව දෙවියන් විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම සහ විශ්වයේ පරම ආත්මය වේ. යෝගී වරයෙක් වන එතුමා කෛලාශ කන්දේ වැඩ සිටී. ශිව දෙවියන් නිතර භාවනාව තුල සමාධිමත්ව සිටින දෙවි කෙනෙක් වන අතර කරුණාවන්ත, ඉවසිලිවන්ත දෙවි කෙනෙක් ලෙස පෙන්වා දී ඇත. ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී සහ ඔහුගේ දරුවන් දෙදෙනා, ගනේෂ සහ කාර්තිකේය වේ. ශිව දෙවියන්ගේ විනාශකාරී බලයෙන් නිරන්තරයෙන්ම අධර්මිෂ්ටයන් විනාශ කරයි. ශිව යනු යෝගා, භාවනාව සහ කලාව යන දේවල් වලට අධිපති දෙවියා ලෙස සලකනු ලබන නිසා “යෝගී මහාදේව“ ලෙස ද හඳුන්වයි.

ශිව දෙවියන්ගේ ගෙළ වටා නාගයෙකු සිටින අතර අඩ සඳ හිසේ පළඳී, ශුද්ධ වූ ගංගා නම් ගඟ ඔහුගේ හිස කෙස් අතරින් ආරම්භ වේ. තුන්වන ඇසක් ඔහුගේ නළල මත පිහිටා ඇත. ත්‍රිශුලය ඔහුගේ ආයුධය වේ.

ශිව දෙවියන් විසින් මහපොළොවේ සිට අහස තෙක් ආලෝක කදම්බයක් විහිදුවා ලොව බලවත්ම දෙවියන් තමන් බවට ප්‍රකාශ කිරීම" ශිව රාත්‍රී දිනයේදී හින්දු භක්තිකයන් විසින් සමරනු ලබයි. මහා ශිව රාත්‍රිය ලෙස හැඳින්වෙන්නේ එම ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදා වන දිනයයි.

සෑම චන්ද්‍ර මාසයකම 13 වන රාත්‍රිය එනම්, 14 වන දිනය ශිව රාත්‍රී දිනයක් ලෙස සැලකෙන අතර සෑම වසරකම ශීත සෘතුව අවසානයේ ගිම්හාන සෘතුව ආරම්භයට පෙර යෙදෙන ශිව රාත්‍රී දිනය, මහා ශිව රාත්‍රී දිනය ලෙස සලකනු ලැබේ. ශිව දෙවියන්ට පුද පූජා පවත්වන ධාර්මික මංගල්‍යය ලෙස හඳුන්වනු ලැබේ. ශිව දෙවියන් සිහි කරමින් රාත්‍රී නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුදපූජා පැවැත්වීමෙන් විමෝක්ෂය ලැබෙන බව හින්දු බැතිතුන්ගේ විශ්වාසයයි. 

ශිව රාත්‍රී දිනය නිර්මාණය වූ ආකාරය පිළිබඳව හින්දු ආගමික ඉතිහාස දේව කතාවල අන්තරගත වන්නාවූ මති මතාන්තර කිහිපයකි.

ශිව දෙවියන්ගේ දෙවන බිසව වන පාර්වතී තම අත්වලින් ශිව දෙවියන්ගේ දෑස් වැසූ බවත් එවිට මුලු ලෝකයම අන්ධකාරයෙන් වැසී ගොස් ජීවීන් පීඩාවට පත් වූ බවත් ඉන් එක් මතයකි. අනතුරුව සෙසු දේවතාවන් ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වූ බවත් ඒ නිසාවෙන් අඳුර දුරු වී ආලෝකය උදා වූ බවත් කියැවේ. එතැන් පටන් එම දිනය ශිව රාත්‍රී යනුවෙන් වහරනු ලැබේ. 

මහා ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ රාත්‍රිය ද මෙදින බව හින්දු බැතිමතුන් විශ්වාස කරනු ලබයි.

මෝහාන්ධකාරය දුරු වී  නුවණ නැමති ආලෝකය  දැල්වේවා' යි ප්‍රාර්ථනයෙන් යුතුව අද රාත්‍රිය පුරා හින්දු භක්තිකයන් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙයි. ශිව දෙවියන් උදෙසා ශිව මන්ත්‍ර ගායනා කිරීම ද හින්දු නිවෙස්වල අනිවාර්‍ය අංගයකි. එසේම හින්දු දේවාල කරා ගොස් ශිව ලිංගය කිරිවලින් නැභැවීම ද අද දිනයේ කරනු ලබනවා.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්



























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu