gossiplanka alexa කැළණිතිස්ස, සපුගස්කන්ද සියළු විදුලි බලාගාර අක්‍රියවන ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැළණිතිස්ස, සපුගස්කන්ද සියළු විදුලි බලාගාර අක්‍රියවන ලකුණු ?

කැළණිතිස්ස තාප විදුලි බලාගාර සංකීර්ණයේ ක්‍රියාත්මක නැප්තා ඒකාබද්ධ චක්‍ර බලාගාරය ඊයේ අප්ස්වරුවේ සිට අක්‍රිය වී තිබෙනවා. ඒ නැප්තා නොමැති වීම හේතුවෙන්. මෙම බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතවක් ජනනය කරනු ලබනවා. එසේම කැළණිතිස්ස බලාගාරයේ ඩීසල් වලින් ක්‍රියාත්මක වන සියළුම විදුලි බලාගාර ද ඩීසල් හිඟ වීම හේතුවෙන් මේ වන අක්‍රිය වී ඇති බවයි පැවසෙන්නේ. 

මේ අතර බොරතෙල් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දැමීමට සිදුවන බව වාර්තා වනවා. අවශ්‍ය බොරතෙල් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව නොලැබීම සහ ඩොලර් හිඟය හේතුවෙන් මෙම අර්බුදය ඇතිව තිබෙන බව පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපතිවරයා පවසා තිබෙනවා. 

මීට පෙර ද අවස්ථා දෙකක දී බොරතෙල් නොමැති වීම හේතුවෙන් ඛනිජ තෙල් පිරිපහදුව වසා දමනු ලැබුවා. මෙලෙස විටින් විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට තවත් පාඩු සිදුවන බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු ප්‍රධානීවරයෙකු ප්‍රකාශ කර තිබෙන බව සඳහන්. 

"බලශක්තියෙන් වැඩ කරන මෙම පිරිපහදුව සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුනක් එක දිගට ක්‍රියාත්මක වනවා. එයට බොරතෙල් නිරන්තරයෙන් එක දිගට සපයන්න අවශ්‍යයි. එය සාදා ඇත්තේ එක දිගට ක්‍රියාත්මක වන ආකාරයටයි. විටින් විට නතර කර නැවත ආරම්භ කිරීම සඳහා ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදු වනවා. ඒ හැමටම වඩා රටට වන හානිය තමයි පිරිපහදුවට බොරතෙල් ගැනීම පිරිහදු ඛනිජ තෙල් ගැනීමට වඩා ලාභයි. මෙම පිරිපහදුවෙන් ගෑස්, නැප්තා, කර්මාන්ත ශාලා වලට අවශ්‍ය ද්‍රාවණ, පෙට්‍රල්, ලාම්පු තෙල්, ගුවන් තෙල්, ඩීසල් වර්ග, නැව් වලට ලබා දෙන ඩීසල්, තාර ආදී අතුරු නිෂ්පාදන බොහොමයක් හදනවා" ඔහු පවසා තිබෙනවා.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu