gossiplanka alexa අමෙරිකා- චීන ජනාධිපතිවරුන් හෙළි නොකල දුරකතන ඇමතුමක, රුසියාවෙන් සාමයට කොන්දේසි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකා- චීන ජනාධිපතිවරුන් හෙළි නොකල දුරකතන ඇමතුමක, රුසියාවෙන් සාමයට කොන්දේසි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂි-ජින්-පිං අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සිදු කරන යුද මෙහෙයුම් වලට මැදිහත් නොවන ලෙස චීනයට දැනුම් දීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා මෙම දුරකතන ඇමතුම ලබා ගෙන ඇති බවයි පැවසෙන්නේ. 

කෙසේ වෙතත් මෙයට චීන ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාර පිළිබඳව කිසිවක් අනාවරණය කර නැහැ. චීනය විසින් රුසියාවට යුදමය ආධාර සපයන බවට අමෙරිකාව චෝදනා කර ඇති පසුබිමක ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ මෙම දුරකතන ඇමතුම පිළිබඳව විදෙස් මාධ්‍ය ආයතන ‍රැසක් කුතුහලය පළ කර තිබෙනවා. 

මේ අතර තුර්කි ජනාධිපතිවරයා යුක්‍රේනයේ සිදු කරන යුද මෙහෙයුම් නවතා දමන ලෙස ඉල්ලමින් රුසියන් ජනාධිපතිවරයාට විශේෂ දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියන් හමුදාව විසින් සිදු කරන ප්‍රහාර හමුවේ යුක්‍රේනයට දැඩි හානි සිදු වී ඇති බවත් ගැ‍ටුම් විසඳා ගැනීමට යුක්‍රේන ජනාධිපතිවරයා රුසියන් ජනාධිපති මුහුණට මුහුණ හමු වී සාම සාකච්ඡා පැවැත්වීමට කැමැත්තෙන් සිටින බවත් එහිදී තුර්කි ජනාධිපතිවරය පවසා තිබෙනවා. 

ඊට ප්‍රතිචාර දක්වා ඇති රුසියන් ජනාධිපතිවරයා ද පවසා ඇත්තේ තමා ද සාම සාකච්ඡා සඳහා සූදානම් බවයි. රුසියන් ජනාධිපතිවරයා එහි දී වැඩි දුරටත් පවසා ඇත්තේ යුක්‍රේනය නේටෝවට සම්බන්ධ නොවී ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම, යුක්‍රේනය තුළ සිදුකරන න්‍යෂ්ටික අවි සැකසීම ඇතුළු අවිහරණය සහ යුක්‍රේනය තුළ රුසියානු භාෂාව කතා කරන ජනතාව ආරක්ෂා කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා පියවර ගැනීම  ආදී කරුණු මත ඕනෑම මොහොතක යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර නතරකර රුසියානු සෙබළුන් සිය මව් රටට යළි කැඳවීමට තමා සූදානම් බවයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu