gossiplanka alexa කුලී නිවැසියන්ට ස්ථිර නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුලී නිවැසියන්ට ස්ථිර නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්

ඉඩම් සහ නිවාස නොමැති වීමෙන් අඩු පහසුකම් සහිතව ජීවත්වන කුලී නිවැසියන්ගේ නිවාස ගැටළුවට පිළියම් ලබා දීමේ අරමුණින් "කුලී සින්න" නමින් නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා. 

එම ව්‍යාපෘතිය යටතේ තට්‍ටු 04ක් සහිත මහල් නිවාස සංකීර්ණ ඉදි කිරීමටත්, ප්‍රථම අදියර යටතේ පළාත් මට්ටමින් නිවාස 464කින් සමන්විත නිවාස සංකීර්ණ 09ක් ඉදි කිරීමටත් සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ. ‍තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට මූලික ගෙවීමක් කිරීමට හැකියාවක් නැති බැවින් මාසිකව රුපියල් 15,000/-ක කුලී මුදලක් වර්ෂ 31ක් තුළ අයකර ගැනීමටත්, දෙවන හෝ තෙවන පරම්පරාවට නිවසේ අයිතිය පවරා දීමට හැකිවන පරිදි හා කිසිදු හේතුවක් මත නිවස විකිණීමට නොහැකිවන පරිදි ප්‍රතිලාභීන් සමඟ ගිවිසුමකට එළඹීමටත් හැකිවන පරිදි යෝජිත ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා. 

එම යෝජනාවලියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu