gossiplanka alexa ශ්‍රී ලංකාව ආරක්ෂිත මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව ආරක්ෂිත මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකාව ආරක්ෂිත මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්සේ යමින් සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිත ස්ථාන තෝරාගෙන ඒවායේ විවාහ මංගල උත්සව සංවිධානය කිරීමට විදේශිකයින්ට අවස්ථාව සලසා දීම මෙම වැඩපිළිවෙල ඔස්සේ සිදු කරනු ලබනවා. 

විදේශිකයින් වැඩිපුර ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙසින් මෙය ක්‍රියාත්මක කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය සූදානම් වනවා. එසේම මංගල උත්සව වලදී වෙනස් අත්දැකීමක් අපේක්ෂා කරන විදේශිකයින්ට මෙරටට පැමිණ විවාහ උත්සව පැවැත්වීමේ අවස්ථාව උදා කර දීම ද මෙමඟින් බලාපොරොත්තුවනවා.

කොවිඩ් 19 වසංගතය නිසා කඩා වැටී ඇති මංගල ක්ෂේත්‍රය නැවත නගා සි‍ටුවීම ද මෙම වැඩපිළිවෙලේ අරමුණක්. උත්සව කළමනාකරණ සමාගම්, මංගල සැලසුම්කරුවන්, ඡායාරූප ශිල්පීන් සහ විලාසිතා නිර්මාණකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්ව එකම වේදිකාවක් මතට ගෙන එමින් මෙම වැඩපිළිවෙල සංවිධානය කරනු ලබනවා. දැනටමත් මංගල උත්සව සංවිධානය කිරීම  සඳහා ශ්‍රී ලංකාව ලෝකය තුළ යම් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා. එය තවත් වර්ධනය කර ගැනීමට මෙම වැඩපිළිවෙල ඔස්සේ අපේක්ෂා කරනු ලබනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වෙනමම අංශයක් ස්ථාපිත කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu