gossiplanka alexa රුපියල් 2000ක සහන මල්ල සහ කැබිනට් අනුමැතිය හිමි වූ අනෙක් යෝජනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුපියල් 2000ක සහන මල්ල සහ කැබිනට් අනුමැතිය හිමි වූ අනෙක් යෝජනා

අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම ‍තෝරාගත් පවුල් 40කට එම සහන මල්ල හිමිවීමට නියමිතව තිබෙනවා.

සහන මල්ල ලබා ගැනීමට සුදුසුකම් ලබන පවුල් සඳහා ඩිජිටල් කාඩ්පතක් නිකුත් කිරීමට නියමිත අතර එම කාඩ්පත භාවිතා කිරීම මඟින් ඕනෑම සුපිරි වෙළඳසැලකින් සහන මිලට භාණ්ඩ ලබා ගත හැකිවනවා. 

එසේම වතු කම්කරු පවුල් 115,867ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් බැඟින් සහන මිලට ලබා දීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. 

කැබිනට් අනුමැතිය ලද අනෙකුත් යෝජනා

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ඒ හා එම් විශ්වවිද්‍යාලය අතර පර්යේෂණ සහයෝගිතාවය ස්ථාපනය කර ගැනීමේ ගිවිසුම අත්සන් තැබීම
  • කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා සුපිරි වෙළඳ සැල් ජාලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීම
  • හරිත ශ්‍රී ලංකා- “සෑම අයෙක්- එක් පැළයක්” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  • පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගමේ කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම
  • වසර 2050දී ශ්‍රී ලංකාව කාබන් ශුද්ධ ශුන්‍ය රටක් බවට පත් කිරීම සඳහා මාර්ග සිතියමක් හා උපායමාර්ගික සැලසුමක් සකස් කිරීම
  • ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය සමඟ මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම ඒකාබද්ධ කිරීම
  • විවිධ සේවා සමූපකාර සමිතිවල පාරිභෝගික වෙළෙඳසැල් සඳහා විකුණුම් ඒකක පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම
  • ගැට ගැසීමේ වර්ගයේ ශල්‍ය මුහුණු ආවරණ සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රදානය
  • අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම විධිමත් කිරීමේ කමිටුවක් පත් කිරීම
  • අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුදුව්‍ය හා කාර්මික භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීම

මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල අධිභාරයකට යටත් කිරීම සම්බන්ධයෙන් වන සාවද්‍ය ප්‍රචාරයන් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

cabinet decision

cabinet decision

cabinet decision
cabinet decision
cabinet decision

cabinet decision

cabinet decision

cabinet decision



















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu