gossiplanka alexa ජාතික සංවර්ධනයට දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් හවුල් කර ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාතික සංවර්ධනයට දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් හවුල් කර ගැනේ

ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් හවුල් කර ගැනීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම විසින් ගෝලීය ඩිජිටල් වේදිකාවක් සකස් කර තිබෙනවා. නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන අර්ධ රාජ්‍ය ආයතනයක් වන ජාතික විද්‍යා පදනම ශ්‍රි ලංකාව තුළ විද්‍යාව හා තාක්ෂණය ප්‍රවර්ධනය උදෙසා ප්‍රමුඛව ක්‍රියා කරන ප්‍රධාන ජාතික ආයතනයක්.

අධ්‍යාපනික, පර්යේෂණ සහ සංවර්ධන ආයතනවල සහ කර්මාන්ත අංශයන්හි ඉහළ තනතුරු හොබවන ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සහ වෘත්තිකයින් බොහෝමයක් වර්තමානයේ ලොව පුරා ජීවත් වුව ද එම සම්පත් තවමත් නිසි ලෙස රටේ සංවර්ධනය සඳහා යොදා ගෙන නොමැත.

ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව මගින් උසස් අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය, වෙළඳාම සහ අපනයනය, සංචාරක ව්‍යාපාරය සහ කර්මාන්ත යන ප්‍රධාන අංශ සඳහා ප්‍රතිලාභ ලැබේ. උතුරු ඇමරිකාව, යුරෝපය, ඕෂේනියාව සහ ආසියාව වැනි මහද්වීප තුළ වූ සංවර්ධිත රටවල වෙසෙන කීර්තිමත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළත්ව 750ක් පමණ පිරිසක් ජාතික විද්‍යා පදනමේ ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි වී තිබෙනවා.

මෙම විදෙස්ගත බුද්ධිමතුන්ගේ විෂය පථය ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව ශාස්ත්‍රය, තොරතුරු විද්‍යාව / දත්ත විද්‍යාව, කළමනාකරණය, ඉංජිනේරු විද්‍යාව, පාරිසරික විද්‍යාව යනාදියෙහි සිට නැනෝ තාක්ෂණය,  කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය වැනි බහු විෂයයික විද්‍යාවන් දක්වා පුළුල් ලෙස විහිදෙන අතර එම දැනුම මෙරට ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමට අපේක්ෂිත ය.

චීනය, ඉන්දියාව සහ තායිවානය වැනි රටවල් ජාතික සංවර්ධනය සඳහා විදෙස්ගතවූවන්ගේ දායකත්වය ලබා ගැනීම තුළින් කැපී පෙනෙන ප්‍රතිලාභ උපයාගෙන තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu