gossiplanka alexa ඉන්ධන මිල ඉහළ නොදැම්මොත් ඉන්ධන ලබා දීම සීමා කිරීමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන මිල ඉහළ නොදැම්මොත් ඉන්ධන ලබා දීම සීමා කිරීමක් ?

යෝජනා කර ඇති වැඩිවන ඉන්ධන මිල සඳහා අනුමැතිය නොමැතිවුවහොත් ඉන්ධන ලබා දීම සීමා කිරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එසේ සීමා කිරීමේ දී විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබා දීමට සිදුවන බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. 

මේ වන සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් පෙට්‍රල් ලීටරයක් රුපියල් 192කටත් ඩීසල් ලීටරයක් රුපියල් 169කටත් විකිණීමට බලශක්ති ඇමතිවරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා. එසේම දැනට ජනතාවට ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින බවත් ඔවුන් පවසනවා. 

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා ඇත්තේ  ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කරන ලද ඉල්ලීම සාධාරණ බවත් මුදල් අමාත්‍යාංශයට මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති නමුත් මෙතෙක් ඒ සඳහා කිසිදු පිළිතුරක් ලැබී නැති බවත්ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu