gossiplanka alexa ලොවම බිය කළ රුසියන් හමුදාව ආපසු කැඳවයි, උපාය මාර්ගික සැලැස්මක්දැයි සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොවම බිය කළ රුසියන් හමුදාව ආපසු කැඳවයි, උපාය මාර්ගික සැලැස්මක්දැයි සැකයක්

රුසියාව, යුක්‍රේන දේශ සීමාවේ සිටි භට පිරිසෙන් කොටසක් ආපසු කැඳවා ඇති බව රුසියාව පවසා තිබෙනවා. යුක්‍රේන දේශ සීමාව අසල රුසියන් භට පිරිස් රඳවා සිටින්නේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමට බවයි බොහෝ රටවල් විශ්වාසය පළ කර සිටින්නේ.

එහෙත් රුසියාව පවසන්නේ එසේ දේශ සීමා අසල තම භට පිරිස් රඳවා සිටින්නේ යුක්‍රේනය අක්‍රමණය කිරීමට නොව යුද අභ්‍යාස පැවැත්වීම සඳහා බවයි. ඒ අනුව යුද අභ්‍යාස නිම කළ හමුදා ඛණ්ඩ නැවතත් කඳවුරු බලා පිටත් වී යමින් ඇති බව රුසියාව පවසනවා. 

කෙසේ වෙතත් කොතරම් භට පිරිසක් රුසියාව විසින් ආපඩු කැඳවා ඇතිද යන්න මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නැහැ. රුසියාව මේ වන විටත් බෙලාරුස් රාජ්‍යය සමඟ එක්ව දැවැන්ත යුධ අභ්‍යාසයක් ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි ඇතැම් බටහිර මාධ්‍ය සහ යුද විශේෂඥයින් අනුමාන කරන දිනය අද යි (16) එය එක්සත්කමේ දිනය ලෙස නම් කිරීමට යුකේන ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. යුක්‍රේන ජාතික ධජය ඔසවා ජාතික ගීය එකමුතුව ගායනා කරන ලෙස ඊයේ (15) සිය ජනතාවගෙන් යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියා. 

කෙසේ වෙතත් රුසියානු ප්‍රහාරයක් එල්ලවන නිශ්චිත දිනයක් පිළිබඳව ඇමරිකාව පුරෝකථනය නොකරන නමුත් රුසියන් ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන ඕනෑම වේලාවක අනතුරු ඇඟවීමකින් තොරව ගුවනින් බෝම්බ හෙළීම ආරම්භ විය හැකි බවට නැවත නැවතත් අනතුරු අඟවන බව ඇමරිකාව පවසනවා. 

මේ අතර ඇතැම් දේශපාලන විචාරකයින් පවසන්නේ රුසියාව බලාපොරොත්තු වූයේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමට නොව තම රටේ සන්නද්ධ ශක්තිය පෙන්වා බටහිර රටවල් බිය වැද්දීමට පමණක් බවයි. යුක්‍රේනය හරහා නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම නේටෝ සංවිධානයේ අරමුණ වූයේ නම්, එය ඉ‍ටු කරගත නොහැකි සිහිනයක් බව ඒත්තු ගැන්වීම රුසියාවේ අරමුණ වූ බවයි ඔවුන් පවසන්නේ. 

රුසියන් හමුදා ආපසු කැඳවීම සතුරු පාර්ශව මුලා කරනු පිණිස සැලසුම් කළ ට්‍රෝජන් පන්නයේ උපක්‍රමයක් විය හැකි බවට මතයක් ද පළ වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu