gossiplanka alexa රුසියාවෙන් පිට හමුදාව භාවිතා කිරීමට පුටින් අවසර ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවෙන් පිට හමුදාව භාවිතා කිරීමට පුටින් අවසර ඉල්ලයි

රුසියන් ජනාධිපති ව්ලැඩිමියර් පුටින් රුසියානු භුමියෙන් පිටත එරට හමුදාව භාවිතා කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා තිබෙනවා. මේ වන විට රුසියන් හමුදාවට යුක්‍රේනයේ නැගෙනහිර පිහිටි ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ප්‍රදේශවලට ඇතුළුවන ලෙස රුසියන් ජනාධිපතිවරයා නියෝග ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

රුසියානු හමුදා වාහන යුක්‍රේන දේශ සීමා දෙට ගමන් කරන අයුරුදු පෙනෙන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

රුසියන් ජනාධිපතිවරයා මෙලෙස රුසියන් භූමියෙන් පිටත දී තම හමුදා භාවිතා කිරීමට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා ඇත්තේ යුක්‍රේනය සම්පූර්ණයෙන් ආක්‍රමණය කිරීමට බව විචාරකයන් පවසනවා. යුක්‍රේනය ආක්‍රමණය නොකරන ලෙසට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කොතෙක් ඉල්ලීම් කළ ද ඒ කිසිවක් නොතකා රුසියාව සිදු කරන මෙම ක්‍රියාවන් නිසා රුසියාවට සම්බාධක පැනවීමට ද මේ වන විට ඇතැම් රටවල් ක්‍රියා කර තිබෙනවා. 

ඒ අනුව, ජර්මනිය සහ රුසියාව අතර ගිවිසුම් ගත වීමට තිබූ ගෑස් නල මාර්ග ගිවිසුම ද අත් හි‍ටුවීමට ජර්මනිය පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ. එසේම රුසියානු බැංකු 05කට සහ රුසියන් බිලියනපති ව්‍යාපාරිකයින් තිදෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් සම්බාධක පනවා තිබෙනවා. ඉදිරි පැය කිහිපය තුළ දී යුරෝපා කොමිසම සහ ඇමරිකාව විසින් ද රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu