gossiplanka alexa ඩීසල් නැවට මුදල් ගෙවයි, ඉන්ධන සඟවා සිටින ඉන්ධනහල් සොයා මෙහෙයුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩීසල් නැවට මුදල් ගෙවයි, ඉන්ධන සඟවා සිටින ඉන්ධනහල් සොයා මෙහෙයුම්

සිංගප්පූරුවෙන් පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් මෙම නෞකාවේ ඩීසල් තොගය නිදහස් කර ගැනීමේ ප්‍රමාදයක් පැවතියා.

ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් අඩංගු මෙම නෞකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් ගෙවා ඩීසල් තොගය නිදහස් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ. එම ඩීසල් තොගය අද (23) පස්වරුවේ ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතයි. 

මේ හේතුවෙන් තවත් දින දෙකක් ඇතුළත මෙරට පවතින ඩීසල් හිඟය මඟ හැරෙනු ඇති බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා පවසා ඇත්තේ.

මේ අතර, ඉන්ධන සඟවාගෙන අලෙවි නොකර සිටින ඉන්ධන පිරවුම් හල් සෙවීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එවැනි ඉන්ධන හල් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu