gossiplanka alexa වැසි නොලැබුණහොත් අප්‍රේල් වන විට විදුලිය ගැන අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැසි නොලැබුණහොත් අප්‍රේල් වන විට විදුලිය ගැන අනතුරු ඇඟවීමක්

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ දී හදිසි බිඳ වැටීමක් සිදුව තිබුණා. එසේම කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරයේ ද හදිසි බිඳ වැටීමක් ඊයේ දිනයේ දී සිදු වුණා. මේ වන විට කැළණිතිස්ස බලාගාරය යථා තත්ත්වයට පත් කර ඇති නමුත් කෙරවලපිටිය බලාගාරය මෙතෙක් යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වී නැති බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

තවද, ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ දී තුල්හිරිය විදුලි බලාගාරයේ කටයුතු ද නවතා දමා තිබෙනවා. එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 08ක විදුලි ධාරිතාවක් අහිමි යනවා. 

මේ අතර මාස තුනක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇති නමුත් ඊයේ (12) පැවති සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ විදුලි කප්පාදුවකින් තොරව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටයි. 

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වසර 05ක් තුළ වාර්තා වූ අඩුම ප්‍රතිශතය මේ වන විට පෙන්නුම් කරන බවයි. එසේ ජල මට්ටම අඩු වුව ද විදුලිය නිපදවීම ඉතා ඉහළ අගයක පවතින බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් තවත් සති දෙකක පමණ කාලයක් සඳහා විදුලිය නිපදවීමට දැනට පවතින ජල ප්‍රතිශතය ප්‍රමාණවත් බවයි ඔවුන් පවසන්නේ. ජල මට්ටම ඉහළ යාමට තරම් ප්‍රමාණවත් වැසි නොලැබුණහොත් අප්‍රේල් මාසය වන විට ජල විදුලිය නිපදවීමට නොහැකිවන තත්ත්වයක් උදාවනු ඇති බවයි විදුලි බල මණ්ඩලය අනතුරු අඟවන්නේ. එසේම වැසි නොලැබුණහොත් පැය 06ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමේ අවධානමක් පවතින බවයි විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu