gossiplanka alexa යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය දරුණුවන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය දරුණුවන ලකුණු

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමකට සූදානමක් පවතින බවට දන්වමින් අමෙරිකානු පුරවැසියන්ට යුක්‍රේනයෙන් වහාම ඉවත්වන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා දන්වා සිටියා. ඉන් පසු බ්‍රිතාන්‍යය ද යුක්‍රේනයේ සිටින සිය පුරවැසියන්ට දැනුම් දුන්නේ වහාම එරටින් ඉවත්වන ලෙසයි. 

තත්ත්වය තවත් දරුණු අතට හැරෙමින් පවතින මොහොතේ තවත් රටවල් කිහිපයක්ම තම පුරවැසියන්ට යුක්‍රේනයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා. ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ඊශ්‍රායලය සහ ජපානය එම රටවල් අතර වනවා. එසේම කැනඩාව ද යුක්‍රේනයේ ස්ථාපිත කැනේඩියානු තානාපති කාර්යාලයේ සිටින සිය සේවකයින් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබුණා. නෙදර්ලන්තයට අයත් ගුවන් සේවයක් යුක්‍රේනය වෙත සිදු කරන ගුවන් ගමන් ද වහාම අත් හි‍ටුවන බව නිවේදනය තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පවසන්නේ බොහොමයක් රටවල් සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් යුක්‍රේනයෙන් ඉවත් කර ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu