gossiplanka alexa මැති ඇමති දරුවන් ඥාතීන් ගැන සොයන්න බුද්ධි අංශ මෙහෙයුම්, ඇමති ධූරත් අහිමිවන ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැති ඇමති දරුවන් ඥාතීන් ගැන සොයන්න බුද්ධි අංශ මෙහෙයුම්, ඇමති ධූරත් අහිමිවන ලකුණු ?

රජයේ වාහන හෝ දේපල මැති ඇමතිවරුන්ගේ දරුවන් හෝ ඥාතීන් විසින් අයථා ලෙස භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේ යම් පුද්ගලයෙකු වාහන හෝ දේපල අයථා ලෙස භාවිතා කරමින් නීති විරොධී කටයුතු වල යෙදුන බවට සනාථ වුවහොත් එම ඇමතිවරයාගේ ධූරය ඉවත් කිරීමටයි තීරණය වී ඇත්තේ. එසේ මැති ඇමතිවරුන්ගේ දරුවන් හෝ ඥාතීන් අයථා ලෙස රජයේ දේපළ භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ බුද්ධි අංශවලට දැනටමත් දැනුම් දී තිබෙන අතර මේ වන විට එවැනි පුද්ගලයින් 16 දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ කරුණු වාර්තා කර ඇති බවයි පැවසෙන්නේ. 

නිල නොවන ආකාරයට රජයේ දේපළක් එලෙස භාවිතා කරන්න බව තහවුරු වන්නේ නම් පළමුව අදාළ අමාත්‍යවරයා දැනුවත් කිරීමටත් දෙවනුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu