gossiplanka alexa උතුරු කොරියාවේ මිසයිලය ඇමරිකාවත් සලිත කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරු කොරියාවේ මිසයිලය ඇමරිකාවත් සලිත කරයි

උතුරු කොරියාව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2017 වසරෙන් පසු වඩා ප්‍රභලතම මිසයිලය සාර්ථකව අත් හදා බැලූ බවයි. එම මිසයිලයට සවිකර තිබූ කැමරාවකින් ගන්නා ලද ඡායාරූප උතුරු කොරියාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එම ඡායාරූපවලින් කොරියානු අර්ධද්වීපය ආශ්‍රිත ප්‍රදේශ දැක්වෙනවා. Hwasong -12 නැමති මෙය අතරමැදි දිගුදුර බැලැස්ටික් මිසයිලයක් වන අතර පළමු පරීක්ෂණයේ දී එය පෘථිවියේ සිට කිලෝමීටර් 2000ක් පමණ උසකට ගමන් කළ බව වාර්තා වනවා. එයට සම්පූර්ණයෙන් කිලෝමීටර් 4000ක් දුරට ගමන් කල හැකි බවයි සඳහන් වන්නේ. එම දුර අනුව ඇමරිකාවේ පිහිටි ඉලක්කයකට පවා මෙම මිසයිලයට ගමන් කළ හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙම තත්වය මත ජාත්‍යන්තර ප්‍රජාව ද කැළඹීමට පත්ව සිටිනවා.

පසුගිය මාසයේ දී පමණක් උතුරු කොරියාව මිසයිල 07ක් අත්හදා බලා තිබෙනවා. උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය ජපානය, දකුණු කොරියාව සහ ඇමරිකාව වැනි රටවල් කිහිපයක් හෙලා දැක ඇති බවයි සඳහන් වන්නේ. 

north kora missile


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu